රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්නිල ගමේ බුදුගල්ලෙන චන්ද්‍රරාමයේ විශාල කළුගල් පර්වතයක මෙම පිළිමය නෙළා ඇත. ඒ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ තෙත් කලාපය තුළ ඇති එකම ශෛලමය ඔත් පිළිමය පන්නිල පිළිමය වීම විශේෂත්වයක් වන්නේය. පොළොන්නරු යුගයෙන් වසර 800 කට පමණ පසු ශ්‍රී ලංකාවේ නිම කරන ලද ප්‍රථම විශාල ශෛලමය ඔත් පිළිමය මෙය නිසා මෙකල සිංහල බෞද්ධ සංස්කෘතියට ඉතා වැදගත් වන්නේය.