බුදු පිළිමවල ඉතිහාසය බොහෝ විට ක්‍රි.පූ. පළමු සියවස දක්වා ඈතට විහිදී යයි. එහි ආරම්භය උතුරු භාරතයේ ගාන්ධාරය සහ දිල්ලිය අසල මතුර යන ප්‍රදේශවල සිදු විය. ක්‍රි.පූ. තුන්වන සියවසේ මැසිඩෝනියානු රජු මහා ඇලෙක්සැන්ඩර් උත්තර භාරතය යටත් කරගැනීමෙන් පසුව ගාන්ධාර පිළිම කලාවට පැරණි ග්‍රීක කලාවේ සහ හෙළ හෙවත් හෙළනික සංස්කෘතියේ ආභාසය ලැබුන අතර ඉන්පසු එය ග්‍රීක-බෞද්ධ කලාව දක්වා දියුණු විය. එහි මූලික ලක්ෂණය වනුයේ පිළිම -සිරුරේ විවිධ කොටස් අතර අනුපාත ස්වභාවික සිරුරක ඇති තත්වයෙන් පවත්වා ගැනීමයි.
ඉන් පසුව පිළිම කලාවට වැඩියෙන්ම බලපාන ලද්දේ ගුප්ත කලාව සහ පසුකාලීනව අමරාවතී කලාවයි. ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව,ජාවා සහ කාම්බෝජ පිළිමවල සමානුපාත අනුපිළිවෙලක් දක්නට ලැබේ. මෙම පිළිමවලට වඩා ජපානයේ පිළිමවල සිව්රැසි හැඩයත් ප්‍රමාණයෙන් වඩාත් විශාල බවකුත් දැකිය හැකිය. චීනයේ සිනහවන හෙවත් ප්‍රීති බුදු පිළිම ගෞතම බුදුන්ගේ නොවන අතර ඒවා චීනයේ විසූ බුධායි හෙවත් හොටෙයි වශයෙන් හැඳින් වූ බෞද්ධ හිමි නමකගේ බව දැන් පිළි ගැනේ.
ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය අනුව බුදුරුව නෙලීම බුද්ධ කාලයේ සිට පැවත එන්නකි. එකල පිළිම නෙලීමේ මාධ්‍යය වූයේ දැව සහ මැටි වන අතර ඒවා භාෂාවෙන් චීන භාෂාවට පරිවර්තනය කරන ලද අන්ගුත්තර නිකායේ සඳහන්වන ස්වාභාවික වශයෙන් එතරම් කාලයක් නොපවතී. ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස අතරතුර කොරියානු භාෂාවෙන් චීන භාෂාවට පරිවර්තනය කරන ලද අන්ගුත්තර නිකායේ සඳහන්වන අයුරින් බුදුන්වහන්සේ සිය මෑණියන් වූ මහාමායා දේවිය ඇයගේ අභාවයෙන් පසුව දෙවියෙක් වශයෙන් ඉපදී සිටී.තව්තිසා දෙව් ලොවට වැඩම කොට ඔහුට ධර්මය දේශනා කිරීම සඳහා මාස තුනක වස්කාලයක් ගත කළ බවත් ඒ කාලය තුළ උන්වහන්සේ නැවත වැඩම කරන තුරු මිනිසුන් නොඉසිලිවන්තව බලා සිටිය බවත් සඳහන් වේ. මාස තුනක් වැනි දීර්ග කාලයක් බුදුන් නොදැක සිටීමට නොහැකි වූ උදයාන රජු සඳුන් දැවයෙන් බුදුන්ගේ රුවක් කපා එයට වැදුම් පිදුම් කර ඇත. බුදුන් නැවත සංකස්ස පුරයෙන් භාරතයට පැමිණීමෙන් පසු රජු විසින් උන්වහන්සේට පිළිමය පෙන්වනු ලදුව බුදු පිළිම සැදීමේ මහා පුණ්‍යකර්මය පිළිබඳ දේශනාවක් කොට ඇත. ඒ කතා පුවත නැවත වරක් ෆාහියන් සහ හ්සුවාන් යන චීන දේශාඨකයින් විසින්ද සටහන් කර තිබේ.
වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙහි වැඩකටයුතු ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ශිල්පියෙකු විසින් ඉටු කරන ලදී. බුදු පිළිමය පිළිබඳ අදහස,ස්ථාපනය පිහිටීම යනාදී සියල්ල තීරණය කරන ලද්දේ පිසිනඥ ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසිනි. තවද පිළිමය නිර්මාණය සඳහා වැය වූ සියලු වියදම් දරන ලද්දේ ද එතුමා විසිනි. මෙම ඔත් බුදු පිළිමයේ දිග අඩි 12 අඟල් 2ක් වේ.
ස්තුතිය : පන්නිල බුදු පිළිමය සාදා නිම කොට මහජනතාවට විවෘත කිරීමේ අවස්ථාව පදනම්කර ගනිමින් සම්පාදනය කරනු ලබන පොතිතිකාවට ලිපියක් ලිවීම සඳහා පිළිමයේ නිර්මාතෘ පිසිනඥ ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මා වෙත කරන ලද ආරාධනාව ඔහු විසින් මා හට කරන ලද ගෞරවයක් ලෙස සලකා මගේ ගෞරවනීය ස්තූතිය ඔහුට පුද කරමි. මෙම ලිපියේ අඩංගු තොරතුරු සහ රූප බොහොමයක් සොයා ගන්නා ලද්දේ අන්තර්ජාලයෙන් සහ මහාවංශය ඇතුළු වංශ කථාවලින් වන අතර ඒවායේ අයිතිය වෙනුවෙන් අදාල කතෘවරුන්ට මගේ ගෞරවය සහ ස්තුතිය පිරිනමමි. වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙහි වැඩකටයුතු ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ශිල්පියෙකු විසින් ඉටු කරන ලදී. බුදු පිළිමය පිළිබඳ අදහස,ස්ථාපනය පිහිටීම යනාදී සියල්ල තීරණය කරන ලද්දේ පිසිනඥ ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසිනි. තවද පිළිමය නිර්මාණය සඳහා වැය වූ සියලු වියදම් දරන ලද්දේ ද එතුමා විසිනි. මෙම ඔත් බුදු පිළිමයේ දිග අඩි 12 අඟල් 2ක් වේ.
